Establish Online Distance Education System | D.S.S.C 1E | Feasibility Study

මාර්ගගත දුරස්ථ අධ්‍යාපන පද්ධතිය ස්ථාපිත කිරීම | D.S.S.C 1E | ශක්යතා අධ්යයනය

දුරස්ථ ඉගැන්වීමක් ගැන අපිට කල්පනා කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ කියල හිතෙනවා. ගුරුතුමිය මේ සම්බන්දව කතා කරා .දැනට අපි එක් එක් පාඩම සදහා video එකක් share කිරීමට කටයුතු සලසමින් සිටී. නමුත් සමහර පාඩම්, අකුරු ලියන පිලිවෙල ගුරුතුමිය විසින්ම පෙන්වා ලියැවීම වඩා උපයෝගී වන බව ගුරුතුමියගේ අදහසයි.

මෙය කිරීමේ හැකියාව පොදු/මුදල් ගෙවීමකින් තොර ආකාර 2 කින් කරන්න පුලුවන්.

  1. YouTube Streaming (‍යුටියුබ් ස්ට්‍රීමින්)
    මෙහිදී ගුරුතුමිය විසින් ලබා දෙන කාලය තුලදී ඔබ විසින් පුතාට පරිඝනකය මාර්ගයෙන් හෝ දුරකතනය මාර්ගයෙන් ගුරුතුමිය කියා දෙන පාඩම්, ලියන කියන දේවල් පෙන්වීමට/ක්‍රියාකරකම් කරවීම කල හැක. මෙය මුලු මුනින්ම යුටියුබ් හරහා සිදුවී. මෙහිදී පුතා සමග සමාන්තර අන්තර්ක්‍රියා (interact) වීමක් සිදු නොවීම(උදා:පුතාගේ ගැටලු ඔහුට ඇසිය නොහැක, ගුරුතුමියට පුතාගෙන් “ඉවරද?” කියා ඇසිය නොහැක ) එක් අවාසියක් වේ. විදුලි බලය නැති ප්‍රදේශ වල හෝ ලබා දුන් වෙලාවට නොපැමිනි පුතාලාට නැවත වරක් ඇසීමේ අවස්තාව තිබීම එක වාසියකි.
  2. Skype Group Call (ස්කයිප්)
    මෙහිදී ගුරුතුමිය සහ පුතාලා අතර හොද අන්තර් සම්බන්දයක් ගොඩ නගා ගත හැක. නමුත් ඔවුන්ගෙන් පාඩම වේලාවෙදී ඇතිවීමට හැකි බාධා ඔබ විසින් පාලනය කරගත යුතුයි.මෙහිදි ඉහත (1) සදහන් අවාසිය සිදු නොවේ. එහි වාසිය මෙහිදී අවාසි සහගත වේ.නමුත් එය record කර YouTube දැමිය හැක.

මෙම කාරනා දෙකේදීම data වල ගාස්තු අප විසින් බලා ගැනීමට සිදුවන අතර ගුරුතුමියගේ data බිල අප විසින් ගෙවීමට කටයුතු කිරීමට වග බලාගත යුතුයි(බොහෝ දුරට එක් අයකුගෙන් රු.50-70). මීට අමතරව ඔබගේ data බිල ගෙවීමට නොහැකි ආර්තික තත්වයක් තිබෙන අයෙක් නම් ඒ පිලිබදව කාන්චනා පෞද්ගලිකව දැනුවත් කර හැක. ඒ සදහා යම් කිසි ක්‍රියාමර්ගයක් ගැනීමට හැකි වේ යැයි විස්වාස කරනවා.

මේ සියල්ල සිදු කිරීමට කලින් සක්‍යතව දැනගන්න ඕනේ. එමගින් මෙය ක්‍රියාත්මක කල හැක්කක් ද නොහැක්කක් ද කියල දැනගන්න ඔනේ; අපේ class එකේ දෙමව්පියන් කී දෙනෙක්ට පරිඝනකයක් තියනවද,data/internet තියනවද කියන කරනා.. ටික වේලාවකින් ලබා දෙන link එකට ගිහින් එහි ඇති සමීක්ෂනය සදහා සහය වන්න. මේ සියල්ල පන්ති භාර ගුරුතුමිය සමග සාකජ්ජා කිරීමෙන් අනතුරුව ගත් පියවර බව කරුනාවෙන් සලකන්න.

Your NIC number(ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය)?

3 Comments

  • Thusharika Madhuwanthi Munasinghe

    We have internet facility & a laptop. Highly appreciate your effort & the dedication dear Uma madam & Mr. Prabhath.

  • Shyamalee Hethumalika

    This might be a better solution for this current situation.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *